අත්අඩංගුවට ගන්න සොයයි
කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් නව දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව ඒ වන විට රටින් පළා ගොස් සිටි බලයෙන් පහ කෙරුණ හිටපු නායක කාර්ලෙස් පුයිග්දිමොන්ට් ඇතුළු තවත් හිටපු ඇමතිවරුන් හතර දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීම පිළිබඳව ස්පාඤ්ඤ මහාධිකරණයේ අවධානය යොමු වී ඇත.
අධිකරණයේ කැඳවීම අනුව උසාවියට ලඟා වූ හිටපු ඇමතිවරුන් නව දෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් එක් තැනැත්තකු ඇප මත මුදා හැර ඇති නමුත් සෙසු අට දෙනාට ඇප දීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.
එම අධිකරණ කැඳවීම අනුව උසාවියට නොපැමිණි හිටපු කැටලෝනියානු හිටපු නායක කාලෙස් පුයිජ්මොන් (Carles Puigdemont) සහ තවත් ඇමතිවරු හතර දෙනෙක් රටින් පළා ගොස් 'බ්‍රසල්ස්' නගරයේ රැඳී සිටින බව පැවසේ.
(තිළිණි ද සිල්වා)
බීබීසී ඇසුරෙනි