ළිං හාරන සරණාගතයෝ



පැපුවා නිව්ගිනියාවට අයත් ඔස්ට්‍රේලියානු රැඳවුම් කඳවුර නිල වශයෙන් වසා දමා දින දෙකක් ඉක්ම යද්දීත් ඉන් පිටවීම එහි සිටින දේශපාලන රැකවරණය පතන්නන් ප්‍රතික්ෂේප කර ඇත.

එම දේශපාලන රැකවරණ පතන්නන් මේ වන විට රැදී සිටින භූමියේ ජලය සොයා ගැනීම වෙනුවෙන් එහිළිං කණිමින් සිටින බවද වාර්තා වේ.

මැනුස් දූපතේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින 600 පමණ වූ පිරිස ඉන් පිටව යාම ප්‍රතික්ෂේප කරන්නේ බැහැර ගිය විට තමන් ප්‍රහාරවලට ලක්වෙනු ඇතැයි බියෙනි.

මේ අතර ඔස්ට්‍රේලියානු රැදවුම් මධ්‍යස්ථානයේ සිටින සරණාගතයින්ගෙන් 150 දෙනෙකු තමන් භාර ගැනීමට කැමoති බව නවසීලන්තය යළි යළිත් කරන ඉල්ලීම ඔස්ට්‍රේලියානු රජය විසින් ප්‍රතික්ෂේප කරයි.

බෝට්ටු මගින් පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන් ඔස්ට්‍රේලියාව විසින් රඳවනු ලැබුවේ පැපුවා නිවිගිනි දේශයට අයත් මැනුස් දූපතේ සහ තවත් පැසිෆික් සාගර කලාපීය දුපතක් වන නාවුරු හි ය.

මැනුස් රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යවස්ථාවට අනුකුල නොවන බව පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග අඟහරුවාදා (ඔක් 31) ඔස්ට්‍රේලියාව ඉන් ඉවත්විය.

ඒ අනුව, පැපුවා නිව්ගිනි හි දැනට සිටින පුද්ගලයින්ට (ඉන් බොහෝ දෙනාට සරණාගත තත්ත්වය හිමිය) දැන් ජලය, විදුලිය මෙන්ම සුදුසු වැසිකිලි පහසුකම් නොමැත. ආහාර ද ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී.

ඔවුන් වෙනුවෙන් විකල්ප නවාතැන් පහසුකම් තවමත් සුදානම් නැති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පවසයි.

තිළිණි ද සිල්වා 

බීබීසී ඇසුරෙනි


RECOMMEND POSTS