හෙලිකොප්ටරයක් කඩා වැටෙයි



ඉතියෝපියා-සුඩාන දේශසීමාව ආසන්නයේ හෙලිකොප්ටරයක් කඩා වැටී සිදු වු අනතුරකින් ඉහළ පෙලේ නිලධාරීන් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව සුඩාන රූපවාහිනිය වාර්තා කළේය.

අල්-කඩාරිෆ් පළාතේ ආණ්ඩුකාරවරයා, ප්‍රධාන අමාත්‍යවරයා, පොලිස් ප්‍රධානියා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා මියගිය පුද්ගලයන් අතර වේ.

ගුවන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන නිසා තොරතුරු ලබා දීමටසුඩාන ආරක්ෂක අංශය කටයුතු කර නොමැති අතර මියගිය සංඛ්‍යාව ඉහළ යාහැකි බව වාර්තා වේ.

පුද්ගලයන් එකොළොස් දෙනෙක් අනතුර සිදුවන අවස්ථාවේ හෙලිකොප්ටරය තුල ගමන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS