හිටපු ජනපතිවරු එක්වෙති



ඇමෙරිකාවට පසුගිය මාසවලදී බලපෑම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටු හේතුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ආධාර රැස් කිරීම සංගීත ප්‍රසංගයක් පසුගිය 21 වැනිදා ටෙක්සාස් ජනපදයේ පැවැත්වුණු අතර, ඊට ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු පස් දෙනා ද සහභාගී වූහ.

ඔවුන් පස්දෙනා වන්නේ ජිමී කාටර්, ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපති බැරැක් ඔබාමා සහභාගී වූහ.

ඔවුන් පස් දෙනාගෙන් ඔබාමා, කාටර් සහ ක්ලින්ටන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් වන අතර බුෂ් පිය පුතු දෙපළ රිපබ්ලිකන් පාක්ෂිකයෝ වෙති. වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද ටිපබ්ලිකන් පාක්ෂිකයෙකි.

පසුගිය මාස කිහිපයේ ඇමෙරිකාවට ප්‍රචණ්ඩ සුළි කුණාටු තුනක් කඩා වැදුණි. ඒවා ‘හාවී, ‘ඉර්මා’ සහ ‘මරීයා’ වන අතර, ඒවායින් සිදුවුණු ජීවිත සහ දේපොළ හානිය අති මහත්ය.

එම සුළි කුණාටු හේතුවෙන් විපතට පත් වූ ඇමෙරිකානුවන්ට ආධාර රැස් කිරීම සිදු කරන්නේ ‘වන් ඇමෙරිකා ඇපීල්’ සංවිධානය මැදිහත් වෙමිනි. සංගීත ප්‍රසංගය සංවිධානය කළේ ද ඔවුන්ය. ඔවුන් පවසා ඇත්තේ මේ වනවිට ඇමෙරිකන් ඩොලර් මිලියන 31 ක මුදලක් සොයා ගැනීමට හැකි වී ඇති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS