හැනොයි නුවර යතුරුපැදි තහනමක්



දිනෙන් දින උත්සන්න වන වායු දූෂණයට පිළියමක් ලෙස, වියට්නාමයේ හැනොයි අගනුවර යතුරු පැදි තහනම් කිරීමට එරට බලධාරීහු සූදානම් වෙති

වියට්නාම වැසියන්ගේ ජනප්‍රියතම ප්‍රවාහන මාධ්‍යය යතුරුපැදියයි. එපමණක් නොව, වියට්නාම් වැසියන්ගෙන් හරි අඩක් ඔවුන්ගේ ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කරන්නේ යතුරුපැදිය.

අද වනවිට හැනොයි අගනුවර මණක් යතුරුපැදි භාවිතය මිලියන 5 ඉක්මවා ඇත. 2015 වසරේ සංගණනයකට අනුව හැනොයි අගනුවර ජනගහනය මිලියන 7.5 කි.

හැනොයි නගර බලධාරීන් පෙන්වා දෙන අන්දමට, කිලෝ මීටරයක් තුළ යතුරුපැදි 2,500 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය වෙයි.
මෙමගින් සිදුවන වායු දූෂණය අතිමහත් බවත්, එය අවම කිරීමට ගත් උත්සාහයන් මේ වනවිට අසාර්ථක වී ඇති බවත් හැනොයි නගර බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති. දැඩි රථවාහන තදබදය මඟහැර යෑමට හැනොයි වැසියෝ යතුරුපැදි භාවිතා කරති. වායු දූෂණය ඉහවහා යෑමට එය හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

කෙසේ නමුත් හැනොයි වැසියන් පවසන්නේ, 2030 වසර වෙද්දී, මෙම තහනම ක්‍රියාත්මක වීම සැක සහිත බවය. ඒ වනවිට බලධාරීන්ගේ අදහස වෙනස් වීමට පවා ඉඩ ඇතැයි නගර වැසියෝ පවසති.

(රොයිටර්)

 


RECOMMEND POSTS