සූ කී රකීන් යයි
මියන්මාරයේ නිල නොවන නායිකාව මෙන්ම, එරට රාජ්‍ය ඇමැතිනිය වශයෙන් ද කටයුතු කරන අවුන් සාන් සූ කී එරට ගැටුම් සහ ප්රචණ්ඩ ක්‍රියා පිරි රකීන් පළාතේ සංචාරයකට ගියාය.
සූ කී වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ද පියවර ගෙන තිබුණි. සූ කී, රකීන් පළාතේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙය විය.
සූ කී රකීන් පළාතේ සිත්වේ අගනුවරට පැමිණ, ප්‍රාද්ශීය නායකයන් පමණක් නොව, ප්‍රජා නායකයන් ද හමුවී පවතින තත්ත්වය ගැන දිරීඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මුළු ලෝකයේම අවධානයට ලක් වුණු රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයක්ගේ නිජබිම මෙම රකීන් පළාතය. රකීන් පළාතේ බෞද්ධයන් සහ රොහින්ග්යාවරුන් අතරේ දරුණු ගැටුම් පවතී.
රොහින්ග්‍යා වැසියන් රකීන් පළාත වෙනම රාජ්‍යයක් බවට පත් කර ගැනීමට උත්සාහ ගන්නා හෙයින් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. මෙම මුස්ලිම් වැසියන්ට සන්නද්ධ ඉස්ලාමීය කල්ලිවල ද සහාය ලැබෙන බවට චෝදනා එල්ල වී ඇත.
ප්රචණ්ඩ ක්‍රියා සහ ගැටුම් හේතුවෙන් රකීන් පළාතේ රොහින්ග්‍යා මුස්ලිම් වැසියෝ ලක්ෂ 6 කට වැඩි පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පලා ගොස් සිටිති. ඔවුහු බංග්ලාදේශයේ දේශසීමා අසල සරණාගත කඳවුරුවල වෙසෙති.
මෙම මුස්ලිම්වරුන් බාර ගැනීම බංග්ලාදේශ රජය ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් එම වැසියන්ට පවසා ඇත්තේ ආපසු මියන්මාරය බලා යන ලෙසය. අතීතයේ බුරුමය යන නමින් ද හැඳින්වුණු මියන්මාරය බෞද්ධ රාජ්‍යයකි.
මියන්මාර හමුදාව සහ රජය එක් වී, රකීන් වැසියන්ට එරෙහිව අපරාධ සිදු කරන බවටත් ඔවුන් සමූල ඝාතනය කරන බවටත් සෙසු මුස්ලිම් රටවලින් චෝදනා එල්ල වෙයි.
ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට මියන්මාර නිල නොවන නායිකාව අවුන් සාන් සූ කී, අපොහොසත්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා සූ කී ට චෝදනා කර ඇත.
(ඒ.එෆ්.පී.)