සුනාමිය අබිරහසක්



ඉන්දුනීසියාවේ සුලවේසී දූපතට කඩා වැදුණු සුනාමිය අබිරහසක් යැයි ඉන්දුනීසියා කාලගුණ සහ භූ විද්‍යාඥයෝ පවසති.

අබිරහසක් වී ඇත්තේ සුනාමියේ ප‍්‍රබලත්වයයි. සුනාමිය හටගත්තේ ඉකුත් 28 වැනිදා සුලවේසී දූපතට ඔබ්බෙන් මුහුදු පතුළේ හටගත් භූමි කම්පාවක් හේතුවෙනි. සුනාමිය කඩා වැදුණේ සුලවේසී දූපතේ පාලූ නමැති නගරයටය.

මීටර් 3 ට වඩා උසින් වැඩි මුහුදු රළ නගරයට කඩා වැදුණු බව පැවැසෙයි. මුහුදු පතුළේ හටගත් භූමි කම්පාව රික්ටර් පරිමාණයේ සටහන් වී ඇත්තේ ඒකක 7.5 ක් ලෙසය. භූමි කම්පාවේ ප‍්‍රබලත්වය සහ අපිකේන්ද්‍රය (හටගත් ස්ථානය) සලකා බලා ගණනය කිරීමේදී එවැනි ප‍්‍රචණ්ඩ සුනාමියක් හට ගැනීමේ ඉඩක් නැති බව භූ විද්‍යාඥයෝ පවසති.

ඒ අනුව, සහන සේවා කටයුතු සිදුවෙද්දී, ඉන්දුනීසියා කාලගුණ විද්‍යාඥයන් සහ භූ විද්‍යාඥයන් සුනාමිය සම්බන්ධයෙන් සොයා බැලීමක් කරමින් පවතින බව ද වාර්තා වේ.

විද්‍යාඥයන් අනුමාන කරන්නේ, භූමි කම්පාවත් සමඟ මුහුදු පතුලේ පස් කදු නායයෑමක් සිදුවන්න ඇති කියාය. අනපේක්ෂිත ආකාරයට ප‍්‍රචණ්ඩ සුනාමියක් නිර්මාණය වන්න ඇත්තේ ඒ අනුවය.

ඉන්දුනීසියා රජය වාර්තා කළේ භූමි කම්පාවෙන් සහ සුනාමියෙන් ජීවිතක්ෂයට පත් වුණු ගණන 1,200 ඉක්මණ බවය. උන්හිටිතැන් අහිමිවුණු පිරිස 50,000 කි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS