සුනඛයින් මැරීම තහනම් කරයි
දකුණු කොරියාව තුළ අනුභවය සඳහා සුනඛයින් ඝාතනය කිරීම නවතා දමා ඇත.
දකුණු කොරියාවේ සුනඛ මාංශ ප්‍රධාන ආහාර වේලක් වන අතර එය මින් ඉදිරියට දකුණු කොරියානු සංස්කෘතියෙන් ඉවත් කිරීමට නියමිත බව සමාජ ක්‍රියාකාරීන් පවසා ඇත.එමෙන්ම සුනඛයින් සුරතලුන් ලෙස නිවෙස් වල ඇති කිරීමට ද රට වැසියන් බහුතරයක් නැඹුරු වීම ද මෙලෙස සුනඛ ඝාතනය නවතා දැමීමේ තීරණයට බලපා ඇති බව සඳහන්ය.
දකුණූ කොරියාවේ විශාලතම සුනඛ ඝාතකාගාරය ද කඩා ඉවත් කිරීමට නියමිත අතර එම ස්ථානයේ පොදු උද්‍යානයක් සකස් කිරීමට සැළසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
( තිළිණි ද සිල්වා )
ෂින්හුවා ඇසුරෙනි