සාගතයක් නුදුරේම
මධ්‍යම අප්‍රිකානු ජනරජය එරට තුළ පවතින ගැටුම් සහිත වාතාවරණය හේතුවෙන් සාගත අවධානමකට මුහුණපා සිටින බව ජගත් සංවිධානය පවසයි.
මධ්‍යම අප්‍රිකානු ජනරජයට සාගතයකට පෙර අදියර වන සිව්වන මට්ටමේ ආහාර අනාරක්ෂිත හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ජගත් සංවිධානයේ මානුෂීය සම්බන්ධීකාරක නජාත් රොෂ්ඩි ප්‍රකාශ කළේ ගැටුම්කාරී වාතාවරණය දිගින් දිගටම පැවතියහොත් එරටට දැඩි සාගතයකට මුහුණපෑමට සිදුවනු ඇති බවයි.
ප්‍රධාන වශයෙන් මුස්ලිම් සෙලෙකා කැරලිකරුවන් සමඟ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ 2013 වර්ෂයේ ආරම්භ වූ ගැටුම් හේතුවෙන් දහස් ගණනක් මියගිය අතර මිලියන 4කට අධික පිරිසක් සිය නිවෙස් වලින් පලාගොස් සිටින බව වාර්තා වෙයි.
එමෙන්ම අසල්වැසි රටවලින් සරණගාතයින් පලාඒම එරට මුහුණපා සිටින තවත් එක් ගැටළුවක්ව ඇති බව සඳහන්ය.
ජගත් සංවිධාන නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සරණාගතයින්ට සිය මුල් වාසස්ථාන වෙත ගොස් දෛනික කටයුතු ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයක් උදාකළ හැකි නම් සාගත අවධානම බොහෝ දුරට මගහරවාගත හැකිවනු ඇති බවයි.
( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි