ෂරියා නීතිය ඉහවහා යයි
ගතවූ දෙවසරක කාලය තුළ ඉන්දුනීසියාවේ අචේ හි 500කට අධික පිරිසකට ෂාරියා නීතියට අනුව ප්‍රසිද්ධියේ දඬුවම් ලබා දී ඇති බව මානව හිමිකම් ක්‍රියාධරයෝ සදහන් කරති.
මෙම ම්ලේච්ඡ" දඬුවම් පැමිණවීම් වහා නතර කරන මෙන් මානව හිමිකම් සඳහා වන 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ඉන්දුනීසියාවේ ශාරියා නීතිය ක්‍රියාත්මක වන එකම පළාත 'අචේ' ප්‍රාන්තය වේ.
සමලිංගිකත්වය ඉන්දුනීසියානු නීතියෙන් තහනම් කර නොමැති නමුත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මීට දශකයකට පමණ පෙර සිට අචේ ප්‍රාන්තයට විශේෂ බලතල ලබා දී තිබේ.
එම ප්‍රදේශය තුළ හටගත් කැරැල්ලක් නිමාවට ගෙන ඒම සඳහා එවකට ඇතිකරගත් එකඟතා අනුව මධ්‍යම ආණ්ඩුව විසින් එකී බලතල අචේ ප්‍රාන්තයට පවරන ලදි.
අචේ ප්‍රාන්තය තුළ ෂාරියා පොලිසියක් ද ක්‍රියාත්මක වන අතර එම පොලිස් භටයෝ වීදි මුර සංචාරයේ යෙදී සිටිති.
තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරිනි