විරෝධයක් එල්ල වුණොත් ධුරය අත්හරිනවා
රටේ කාන්තාවන් බහුතරයකගෙන් විරෝධයක් එල්ල වන්නේ නම්, ජනාධිපති ධුරය අත්හැරීමට තමන් සූදානම් බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් කියයි.
පිලිපීන ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, ප්රසිද්ධියේ ගෘහ සේවිකාවකගේ දෙතොල් සිප ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඔහුට කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විරෝධය පළ කිරීමත් සමඟය.
පිලිපීන ජනාධිපති එම ගෘහ සේවිකාවට දෙතොල් සිප ගත්තේ, දකුණු කොරියාවේ සෝල් අගනුවරදී, පිලිපීන ගෘහ සේවිකාවන් පිරිසක් හමුවුණු අවස්ථාවේදීය.
තමා කළේ වරදක් නම්, ඊට පිලිපීන කාන්තාවන් විරෝධය දක්වන්නේ නම්, තමාට විරුද්ධය පෙත්සමක් ඉදිරිපත් කරන ලෙසත්, එය සළකා තමා ධුරයෙන් වහා ඉවත් වන බවත් පිලිපීන ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.
පිලිපීන ජනාධිපතිවරයා විසින් සිප ගනු ලැබූ එම තරුණ ගෘහ සේවිකාව විවාහක තැනැත්තියක බව පැවැසෙයි. තමා හාදුව දෙද්දී ඇය ඊට විරෝධයක් නොදැක් වූ බවත්, එය හුදෙක් විනෝදය වෙනුවෙන් කළ දෙයක් පමණක් බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)