විදුලිය නැතිව ජංජාලයක්
ඇමෙරිකාවේ ඇට්ලැන්ටා නුවර හාට්ස්ෆීල්ඞ් ජැක්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඊයේ (17) හදිසි විදුලිය බිඳ බැටීමක් සිදුවීමෙන් දහස් ගණනක් දැඩි අපහසුවට පත් වූහ.
මෙය ලොව වඩාත් කාර්ය බහුල ගුවන්තොටුපොළකි. 2,50,000 වැඩි මගීන් ප්‍රමාණයක් දිනකට මෙම ගුවන්තොටුපොළ භාවිත කරන අතර දිනකට මෙම ගුවන්තොටුපොළට පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාව 2,500 කි.
විදුලි බලය විසංධිවීමත් සමඟ පරිණක පද්ධතිවලින් කොටසක් ද අක්‍රිය විය. ගුවන් පර්යන්ත මුළුමනින්ම අඳුරු විය. එම කාලය තුළ අවලංගු කෙරුණු ගුවන් යානා ප්‍රමාණය 1,000 කට වැඩි යැයි පැවැසෙයි.
(බී.බී.සී.)