ලබන වසරේ ධුරයෙන් ඉවත් වෙනවා



සුදුස්සකු තෝරා බලය පවරා දී තමා ධුරයෙන් ඉවත් වෙනවා යැයි 86 හැවිරිදි වියෙහි පසුවන කියුබානු නායක රාවුල් කස්ත්‍රෝ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

සුදුස්සකු තේරීම සඳහා අප්‍රේල් මාසයේ ඡන්දයක් පැවැත්වෙනු ඇති බව ද රාවුල් කස්ත්‍රෝ පවසා ඇත. රාවුල් කස්ත්‍රෝ ධුරයෙන් ඉවත් වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරියේය.

නව නායකයතු තෝරා ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වෙනු ඇත්තේ කියුබානු ජාතික පාලක මණ්ඩලයේ තීන්දු සහ තිරණ යටතේ ය.

රාවුල් කස්ත්‍රෝ බලයට කියුබාවේ නායකයා ලෙස එම ධුරයට පත් වූයේ 2008 වසරේදී, රාවුල්ගේ වැඩිමල් සොයුරු ෆිදෙල් කස්ත්‍රෝගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි.

ෆිදෙල් කස්ත්‍රෝ පමණක් නොව, රාහුල් ද 1959 වසරේ කියුබානු විප්ලවයට නායකත්වය දුන් ජනතා වීරයෝය. ෆිදෙල් කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වූයේ පසුගිය වසරේ නොවැම්බර් 25 වැනිදාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS