රෝහින්ගයා මුස්ලිම්වරුන් දහස් ගණනක් බංග්ලාදේශයට



මියන්මාරයේ රෝහින්ගයා මුස්ලිම්වරුන් දහස් ගණනක පිරිසක්  මේ මස මුල් කාලයේ දී බංග්ලාදේශය වෙත පළා ගොස්  ඇති බව වාර්තාවේ.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ රෝහින්ගයා මුස්ලිම්වරුන් 3500කට ආසන්න පිරිසක් බංග්ලාදේශය වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියෙන්මාරය තුළ රෝහින්ගයා මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් ඔවුන් එරටින් පළා යන බව සඳහන්ය.ඒ අනුව මේ වන විට බංග්ලාදේශයේ සරණාත කඳවුරු තුළ රෝහින්ගයා මුස්ලිම්වරුන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් රැදි සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS