රෝගීන්ට රුධිර ප්ලාස්මා ප්‍රතිකාර
ඇමෙරිකාවේ රෝහල්ගත කළ කොරෝනා ආසාදිත රෝගීන් සඳහා රුධිර ප්ලාස්මා ප්‍රතිකාර ලබා දීමට, ඇමෙරිකා ඖෂධ පාලන අධිකාරියේ නිල අනුමැතිය හිමිවිය.
රුධිර ප්ලාස්මා ප්‍රතිකාරය යනු කොරෝනා ආසාදනය වී, පූර්ණ සුවය ලැබූවන්ගෙන් ලබා ගන්නා රුධිර ප්ලාස්මා, රෝගීන්ගේ සිරුරුවලට ඇතුළත් කිරීමය. එවිට එම රෝගීන් ඉක්මණින් සුවය ලබයි. අසාධ්‍ය රෝගීන් පවා මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් සුවය ලබා ඇත.
කොරෝනා වයිරස ආසාදිතයන් වෙනුවෙන් ඇති සාර්ථක මෙන්ම එකම ප්රතිකර්මය මෙය යැයි පැවැසෙයි. මේ බව පළමුවෙන් ලොවට අනාවරණය කළේ චීන වෛද්‍යවරුන්ය. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ වූහාන් නුවරිනි.
මෙම රුධිර ප්ලාස්මා ප්රතිකර්මය ලොව රටවල් රැසක් භාවිතයට ගන්නා අතර, මේ වනතුරු නිල නොවන මට්ටමින් ඇමෙරිකාවේ ද එම ක්‍රමය භාවිත කෙරුණි. ඇමෙරිකානු ඖෂධ පාලන අධිකාරියේ අවසරය ඊට යොමු වුණු පළමු අවස්ථාව මෙයයි.
රුධිර ප්ලාස්මා ප්රතිකර්මය මගින් මරණ සියයට 35 කින් අඩු කළ හැකි බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ මෙසේ පැහැදිලි කළේ, ලබන නොවැම්බර් 3 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණය නිමිත්තෙන් පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ මහ සමුළුව ඇරැඹීමට පෙරය. ජනපති ධුරය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ඩොනල්ඞ් ට්‍රම්ප් ලෙස නිල වශයෙන් පිළිගැණෙනු ඇත්තේ මෙම මහ සමුළුවේදීය.
මේ වනවිට ඇමෙරිකාවේ කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මිලියන 5.7 පසු කර තිබේ. ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ 1,76,000 කි. ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.
වොෂින්ටනයේදීය (රොයිටර්)