රැජින තුවාලකරුවන් බලන්න ඇවිල්ලා



මැන්චෙස්ටර් නුවර ‘මැන්චෙස්ටර් ඇරීනා’ රඟහලට එල්ල වූ අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ගේ සුව දුක් විමසීම සඳහා බ්‍රිතාන්‍ය මහ රැජින වන දෙවැනි එළිසබෙත් රැජින  මැන්චෙස්ටර්  බලා පිටත්ව ගියාය.

විශේෂයෙන්ම එම ප්‍රහාරයට ගොදුරුව මැන්චෙස්ටර් හි  රාජකීය ළමා රෝහලේ   ප්‍රතිකාර ලබන ළමුන් හමුවී ඔවුන් සුවදුක් විමසීම රැජිනගේ මෙම ගමනේ අරමුණ වී ඇත.

එහිදී රැජින තුවාල ලබා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මිලී රොබින්සන් හා ඇයගේ මව හමුවී මෙම ප්‍රහාරයේදී ඇය අත්විඳි අමිහිරි අත්දැකීම්  බෙදා හදා ගැනීමට  මහ රැජින අමතක නොකළාය.ඊට අමතර තවත් තුවාකරුවන්  කිහිපදෙනෙකු හමුවී ඔවුන් ගේ සුව දුක් විමසීමටද ඇය අමතක නොකළාය.

එලිසබෙත් රැජින මෙලෙස තුවාලකරුවන් හමුවී සුවදුක් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ පට කිසිවක් සජීවී ලෙසින් විකාශ නොකෙරුණ අතර එම හමුවීම වල ඡායාරූප පමණක් එරට බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාරය වීම විශේෂත්වයකි.

තිළිණි ද සිල්වා
(ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS