යාචකයන් තොර නගරයක් !



ඉන්දියාවේ හයිද්‍රාබාද් හි බන්ධනාගාර දෙපාර්තමේන්තුව යාචකයින් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ.

නගරය යාචකයින්ගෙන් තොර කිරීමේ අරමුණින් මෙය ඉදිකර ඇති බව සඳහන් වෙයි.

යාචකයින් තුන්සියයක පමණ පිරිසක් මේ වන විට එහි පුරුනරුත්ථාපනය ලබමින් සිටින බව වාර්තා වෙිය

ඔවුන්ට ආහාරපාන, ඇඳුම් පැළදුම් ඇතුළු සෑම පහසුකමක්ම එහිදී ලබාදෙන බවත් සඳහන් වෙයි.

එමෙන්ම අධ්‍යාපනික සහ විනෝදාත්මක වැඩසටහන් රැසක්ද මෙහි පුනරුත්ථාපනය ලබන පිරිස් වෙනුවෙන් සංවිධාන කෙරෙයි.

මේ අතර හයිද්‍රාබාද් හි සිටින යාචකයින් නවදහසක් පමණ පොලිස් භාරයට ගෙන ඇති අතර ඉදිරියේදී ඔවුන්ද මේ මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙනු ඇති.

නරගය යාචකයින්ගෙන් තොර කිරීමේ අරමුණින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS