මැරුණයි කී රුසියන් මාධ්‍යවේදියා මැරිලා නෑ
ඝාතනයට ලක් වුණැයි පැවැසුණු රුසියන් මාධ්‍යවේදී, අර්කාදි බබෙැබ්චෙන්කෝ කවුරුත් පුදුමයට පත් කරමින්, යුක්රේනයේ කීව් නුවර මාධ්‍ය හමුවකට සහභාගී වූයේය.
රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ මොස්කව් පාලනය දැඩි ලෙස විවේචනය කරන රුසියන් විපක්ෂ හිතවාදී මාධ්‍යවේදියකු ලෙස අර්කාදි බබෙැබ්චෙන්කෝ සැළකෙයි. ඔහු ඝාතනය කළේ පුටින්ගේ අනුදැනුම යටතේ යැයි චෝදනා එල්ල වෙමින් තිබුණි.
අර්කාදි බබෙැබ්චෙන්කෝ මාධ්‍ය හමුවේ පෙනී සිටියේ, යුක්රේන ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ කීව් නුවර බලධාරීන් ද පිරිවරාගෙනය. තමා ඝාතනය කිරීමට සැලැසුමක් පැවැති බවත්, මැරුණු බවට බොරුවක් කර, එම සැලැස්ම ව්‍යර්ථ කිරීමට හැකි වුණු බවත් අර්කාදි බබෙැබ්චෙන්කෝ මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)