මානව හිමිකම් මුල් පුටුවට මිචෙල් බැචලට්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්ධුරය සඳහා චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැචලට් නම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අටෝනියෝ ගුටේරස් විසින් මෙම නම් කිරීම සිදුකරනු ලැබ ඇත.
වත්මන් මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සෙයිද් රාද් අල් හුසේන්ගේ ධුර කාලය මෙම මස 30 වනදායින් අවසන් වීමට නියමිතය.
ඒ අනුව මහකොමසාරිස් ධුරය සඳහා මහලේකම්වරයා විසින් සිදුකර ඇති නම් කිරීම පිළිබඳ අද (10) දිනයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඡන්ද විමසීමක් පැවැත්වේ.
මහකොමසාරිස් ධුරයට නම් කර ඇති මිචෙල් බැචලට් 2010 වසරේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා චිලී රාජ්යැයේ ජනාධිපතිවරිය ලෙස කටයුතු කළ අතර එරට ජනාධිපතිධරයට පත් වූ පළමු කාන්තාව ද ඇය වේ.
ලෝක දේශපාලනයේ කාන්තා බලවතුන් අතරට අයත් වන ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළේය
තිළිණි ද සිල්වා