මාංශ භක්ෂක ශාක වර්ග 500 ක ප්‍රදර්ශනයක්
මාංශ භක්ෂක ශාක වර්ග විශාල ප්‍රමාණයක් එක්කරමින් පැවැති ප්‍රදර්ශනයක් පසුගියදා කොලොම්බියාවේ බොගොටෝ දී පැවැත් විය.
බොගෝටා නගරයේ උද්භිද උද්‍යානයේ පැවැති මේ ප්‍රදර්ශනය නම් කර තිබුණේ ගෙට් කෝට් නමින්.විශේෂ 52කට අයත් මාංශ භක්ෂක ශාක 500ක් පමණ මෙම ප්‍රදර්ශනයට එක්කර ගෙන තිබුණි.
ප්‍රදර්ශනයට සහභාගි වූවන්ට මේ ශාකවලට ආහාර ලබාදීමේ අවස්ථාවද හිමිකර දීමට සංවිධායකයන් කටයුතු කළේය.
මාංශ භක්ෂක ශාකවලට ඕනෑම අසීරු පරිසර තත්ත්වයක පවා වැඩීමේ හැකියාව පවතියි.කෘමීන් සහ මීයන් වැනි සතුන් බොහෝ අවස්ථාවලදී මේ ශාකවල ආහාරය බවට පත්වෙයි.
( තිළිණි ද සිල්වා )
ද ගාඩියන්