බිලියන 3.1 ක ආධාර නවත්වයි
ත්රස්තවාදයට එරෙහි සටනේදී, පාකිස්තානයෙන් ඇමෙරිකාවට කිසිදු සහායක් නොලැබුණු බවට චෝදනා කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් පාකිස්තානයට ලබා දෙමින් තිබුණු ඇමෙරිකන් ඩොලර් බිලියන 3.1 ක මුදල් ආධාර නැවැත්වීමට නියෝග කළේය.
පාකිස්තානයට, ඇමෙරිකාව විසින් ලබා දෙන්න වුණු මෙම ආධාර මුදල් තමන් නවතා දමන බව ට්රම්ප් මීට දින කීපයකට පෙර සිට පවසා තිබුණි. පසුගිය දා ට්රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමෙරිකාවට පාකිස්තානයෙන් ‘සත පහක’ උදව්වක් නැති බවය.
ඊට පිළිතුරු දෙමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පෙරළා ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය. පාකිස්තානය සැමවිටම ත්රස්තවාදය හෙලා දකින බවත්, ත්රස්තවාදය පිළිකුල් කරන බවත් ඉම්රාන් එම ටිව්ටර් පණිවුඩයෙහි සඳහන් විය.
(ඒ.එෆ්.පී.)