බ්‍රිතාන්‍ය හෙදියන්ට රස්සාව එපා වෙලා



අයහපත් සේවා තත්වයන් සහ අඩු වැටුප් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හෙදියන් සහ වින්නඹු මාතාවන් විශාල පිරිසක් රැකියාව හැරයමින් සිටින බව අලුත්ම සංඛ්‍යාලේඛන අනුව අනාවරණය වේ.

හෙද සේවය සහ වින්නඹු මාතා මණ්ඩලය (NMC) නිකුත්කළ නව සංඛ්‍යාලේඛනවල දැක්වෙන පරිදි සේවයෙන් ඉවත්ව යන හෙද හෙදියන් සහ වින්නඹු මාතාවන්ගේ ප්‍රමාණය, අලුත්ම සේවයට එක්වන ප්‍රමාණයට වඩා වැඩිය.

ඒ අනුව මේ වසරේ මාර්තු මාසය දක්වා කාර්තුව තුළ හෙද හෙදියන් සහ වින්නඹු මාතාවන් 1,783 ක් සේවය හැර යාමත් සමග මේ වනවිට රට පුරා ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) රැකියාවේ නිරතව සිටි සංඛ්‍යාව 690,773 කි.ඉන් අනතුරුව මේ වසරේ අප්‍රේල් සහ මැයි මාසවල තවත් 3,264 ක් සේවයෙන් ඉවත්වූහ. කෙසේ නමුත් 2010 වසරේ දීට වඩා හෙද හෙදියන් 13,000 ක් මේවනවිට එංගලන්තයේ රෝහල්වල සේවය කරමින් සිටින බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

විශ්‍රාම ගැනීම හැරුණු විට ඔවුන් බොහෝ දෙනා සේවය හැර යාමට ප්‍රධානම හේතුව සේවක පිරිස ප්‍රමාණවත් නොවීම සහ වැඩ අධිකවීම වැනි අයහපත් සේවා තත්වයන්ය.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS