බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාවේ



නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවෙන් පිහිටවූ බ්‍රික්ස් සමුළුවේ මෙවර හමුව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වෙයි.

සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයෝ ඔවුන්ගේ ආර්ථික කටයුතු ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් එකිනෙකා සමඟ සාකච්ඡා පැවැත්වූහ.

බ්‍රසීල ජනාධිපති මයිකල් ටෙමර්, රුසියානු ජනාධිපති ව්පැදිමීර් පුටින්, ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි, චීන ජනාධිපති ෂී ජින්පින් සහ දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා සමුළුවට එක් වුණු නායකයන්ය.

(රොයිටර්)


RECOMMEND POSTS