පෞද්ගලිකත්වය මූලික අයිතියක්
පෞද්ගලිකත්වය සෑම වැසියකුගේම මූලික අයිතියක් බව පෙන්වා දීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
නව පුද්ගල විනිසුරු මඬුල්ලක් මගින් මෙසේ තීන්දුවක් දෙන ලද්දේ, ඉන්දීය රජය විසින් ඉන්දියානුවන් වෙනුවෙන් ජීවමිතික හැඳුනුම්පත් ක්‍රමයක් හඳුන්වා දීමට සූදානම් වීමත්, එම හැඳුනුම්පත් ක්‍රමය හරහා රටේ පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට උල්ලංගනය වන බවටත් ඉන්දීය මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන එක් වී විරෝධය පළ කිරීම නිසාය.
ඉන්දීය ව්‍යවස්ථාවේ 21 වැනි වගන්තියට අනුව, පෞද්ගලිකත්වය සෑම වැසියකුගේම මූලික අයිතියක් හෙයින්, ‘ආද්හාර්’ යනුවෙන් නම් කළ එම ජීවමිතික හැඳුනුම්පත් ක්‍රමය හරහා ඉන්දියානුවන්ගේ පෞද්ගලිකත්වය උල්ලංගනය වීමක් සිදුවන බව ද අධිකරණය පෙන්වා දී තිබේ.
අධිකරණය ලබා දුන් මෙම තීන්දුව ද ඓතිහාසික යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
‘ආද්හාර්’ යනුවෙන් නම් කළ එම විශේෂ හැඳුනුම්පත් ක්‍රමය සකස් කිරීම ඉන්දීය හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ සහ තොරතුරු තාක්ෂණ අමත්‍යාංශයේ මෙහෙයවීම යටතේ සිදු කෙරන අතර ඒ සඳහා ඉන්දියානුවන්ගේ දත්ත රැස් කිරීම පසුගිය වසරේ ජූලි මාසයේ සිට ආරම්භ විය.
(ඒ.එෆ්.පී.)