පූර්ණ කාලීනව ධවල මන්දිරයේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් සිය විලාසිතා සහ ඇඳුම් නිර්මාණ කටයුතු සියල්ල නවතා, පූර්ණ කාලීනව අැගේ ​සේවය ධවල මන්දිරයට ලබා දෙන බව පවසා ඇත.

අැමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු බලා ගන්නා ඉවන්කා, ඇගේම කියා ඇඳුම් නිර්මාණ සහ විලාසිතා එළිදැක්වීමේ සමාගමක් ද පවත්වාගෙන යයි.

එපමණක් නොව ඇය මෙන්ම ඇගේ සැමියා ජෙරාඩ් කුෂ්නර් ද ජනපති ට්‍රම්ප්ගේ උපදේශකවරැන් ලෙස කටයුතු කරයි. ඒ වෙනුවෙන් ඔවුන් වැටුපක් ලබා ගන්නේ ද නැත.

(රොයිටර්)


RECOMMEND POSTS