පුටින් වියට්නාම ජනපති හමුවෙලා



ඇපෙක් සමුළුවට සහභාගී වීමට මධ්‍යම වියට්නාමයේ දා නැන්ග් නුවරට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ වියට්නාම ජනාධිපති ට්‍රාන් දායි ක්වංග් අතර හමුවක් සමුළුවට සමගාමීව පැවැත්විණි.

දශක ගණනක් පැරැණි වියට්නාම රුසියානු සබඳතා ශක්තිමත් කර ගැනීමටත් නව වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් තැබීමත් මෙම හමුවේ දී සිදුවිය.

මෙවර ඇපෙක් සමුළුවේ සත්කාරක රට වන්නේ වියට්නාමයයි. ඇපෙක් යනු ආසියානු පැසිෆික් ආර්ථික සමුළුව යන්නය.
ආසියානු පැසිෆික් සාගර කලාපයට අයත් රටවල නායකයෝ, නියෝජිතයෝ පමණක් නොව ව්‍යාපාරිකයෝ පවා මෙම සමුළුවට සහභාගී වෙති. ඇපෙක් සමුළුවට රටවල් 21 ක සාමාජිකයෝ සහභාගී වෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS