පාසල් 12 ක් ගිනි තියලා
උතුරුදිග පාකිස්තානයේ පාසල් 12 කට කඩා වැදී ගිනි තැබීමට තලේබාන් හිතවාදී ත්‍රස්තවාදිහු කටයුතු කළහ.
ඔවුන් මෙසේ පාසල් විනාශ කර ඇත්තේ, බාලිකා අධයාපනය වැළැක්වීමේ අරමුණ ඇතිව යැයි පැවැසෙයි. ප්‍රහර දී ඇතැයි පැවැසෙන්නේ බාලිකා පාසල් 8 කට සහ මිශ්‍ර පාසල් 4 කටය.
පාසල් ගිනිබත් කිරීමේ සිද්ධිය සැලවීමෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්වුණු බව පාකිස්තානයේ මීළඟ අගමැතිවීමට සූදාමින් සිටින ඉම්රාන් ඛාන් පවසා ඇත.
එම ප්‍රහාරය තමන් කිසිසේත් අනුමත නොකරන බවත්, පාසල් සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බවත් ඉම්රාන් ඛාන් අවධාරණය කර තිබේ.
බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන නොබෙල් සාම ත්‍යාගලාභිනී මලාලා යූසොෆ්සායි ද පාසල් ගිනි තැබීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇත.
(රොයිටර්)