පාකිස්තාන හිටපු අගමැති බිරිඳට පිළිකාවක්
අයථා වත්කම් සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලැබ, අධිකරණය විසින් ‘අගමැති ධුරයට සුදුසු නැතැයි’ තීන්දු කිරීමෙන් පසු ධුරයෙන් ඉවත් වුණු පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ බිරිඳ පිළිකා රෝගියකු බව එරට පුවත් සේවා අනාවරණය කරයි.
මේ බව අනාවරණය වූයේ කුල්සූම් නවාස්, ප්‍රතිකාර සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටිද්දීය. නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය පවසා ඇත්තේ ඇගේ පිළිකා තත්ත්වය සුව කළ හැකි බවත්, ඇය අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු බවත්ය.
(බී.බී.සී.)