ප්‍රියංකාට රාහුල්ට දෙහි කපයි



ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ‘විහිළුවක්’ බවටත්, රාහුල්ගේ නැගණිය වන ප්‍රියංකා වද්‍රා නිකම්ම නිකම් ගෘහණියක් බවටත් පාලක භාරතීය ජනතා පක්ෂ අපේක්ෂිකා සරෝජ් පාන්ඬේ චෝදනා නගයි.

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින්, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය වෙනුවෙන් එලැඹෙන ඉන්දීය මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ සරෝජ් පාන්ඬේ ය.

ප්‍රියංකාට ලස්සන මුහුණක් තිබුණාට ඇයට දේශපාලනය කළ නොහැකි බවත්, රාහුල් ගාන්ධි පරිතන දේශපාලන චරිතයක් නොව, විහිළුවක් බවත් සරෝජ් පාන්ඬේ ජල්නාහි පැවැති මැතිවරණ රැළියක් අමතමින් කියා සිටියාය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS