ප්‍රාන්ත 19 ක බලය දැන් අපේ අතේ



ඉන්දියාවේ ප්‍රාන්ත 19 ක බලය තම භාරතීය ජනතා පක්ෂය සතුව පවතින බවත්, හිටපු ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධිටවත් එවැනි බලයක් නොතිබුණු බවත් වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි කියයි.

ඉන්දීය අගමැතිවරයා මේ බව කියා සිටියේ ගුජරාට සහ හිමාචල් ප්‍රාන්තවල ලැබූ ජයග්‍රහණය සමරමින්, පාලක භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයන් එක් කර ගනිමින් පැවැත් වූ විශේෂ උත්සවයකදීය. උත්සවය පැවැත්වූයේ නවදිල්ලි අගනුවරය.

‘අපේ ජයග්‍රහණය අතිවිශිෂ්ටයි. දැන් ප්‍රාන්ත 19 ක බලය ඇත්තේ අපේ අතේ. බලයේ සිටිද්දී ඉන්දිරා ගාන්ධි අගමැතිතුමියට තිබුණෙත් ප්‍රාන්ත 18 ක් පමණයි’ යැයි ලැපූ ජය සමරමින් පක්ෂ සාමාජිකයන් හමුවේ කියා සිටියේය.

ජනතා පක්ෂය සතුව ප්‍රාන්ත 19 ක් ඇති අතර එයින් ප්‍රාන්ත පහක ඇත්තේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධාන රජයයන්ය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS