ප්රහාරවලින් මියගිය ගණන 60 ක්
ඇෆ්ගනිස්තානයේ සුන්නි සහ ෂියා මුස්ලිම් පල්ලිවලට ඊයේ (20) එල්ල වුණු ප්රහාරවල වගකීම අයි.එස්. ත්රස්තවාදීන් විසින් බාර ගනු ලැබ ඇතැයි එරට ආරක්ෂක අංශ කියයි.
අවස්ථා දෙකකදී සිදුවුණු එම ප්රහාරවලින් මියගිය ගණන මේ වනවිට 60 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ ගණන 100 කි.
පළමු ප්රහාරය එල්ල වූයේ කාබුල් අගනුවර ෂියා මුස්ලිම් පල්ලියකටය. මරාගෙන මැරෙන බෝම්බකරු පල්ලියට කඩා වැදී බැතිමතුන්ට වෙඩි තබා පසුව බෝම්බය පුපුරුවා ගත්තේය. එම ප්රහාරයෙන් 40 ක් මියගිය බව පැවැසෙයි.
සුන්නි මුස්ලිම් පල්ලියට බෝම්බ ප්රහාරය එල්ල වූයේ ඉන් පසුවය. එයින් මියගිය ගණන 20 කි. මෙම සුන්නි මුස්ලිම් පල්ලිය ඇත්තේ ඝෝර් ප්රාන්තයේය.
ප්රහාරයේ වගකීම බාර ගත්ත ද ප්රහාර එල්ල කළේ අයි.එස්. ත්රස්තවාදීන් යැයි කීමට සාක්ෂි කිසිවක් ලැබී නැති බව ද ඇෆ්ගන් ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. ඇෆ්ගනිස්තානයේ ද තලේබාන් ත්රස්තවාදීන් සමඟ අයි.එස්. සාමාජිකයෝ අත්වැල් බැඳගෙන සිටිති.
(රොයිටර්)