පළමු රාජකීය සංචාරයට තැන තීන්දුයි



බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි හැරි කුමරු සහ මේගන් කුමරිය සිය පළමු රාජකීය සංචාරය ලෙස ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තෝරාගෙන තිබේ.

පසුගිය මැයි මාසයේ පැවැති ඔවුන්ගේ විවාහයෙන් පවසුව බ්‍රිතාන්‍ය විසින් මෙම පළමු රාජකීය සංචාරය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එළඹෙන සැප්තැම්බර් සහ දෙසැම්බර් කාලසීමාව අතර ඔවුන් ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සංචාරය කරන බව වාර්තා වෙයි.

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රටවල ආරාධනයකට අනුව බ්‍රිතාන්‍ය විදෙස් කාර්යාලය විසින් මෙම සංචාරය සංවිධානය කර තිබේ.

මේ අතර චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය මෙන්ම හැරී කුමරුගේ සහෝදරයා වන විලියම් කුමරු ද සිය පළමු රාජකීය සංචාරය ලෙස ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් තෝරාගෙන ඇති බව සඳහන් වෙයි.

( තිළිණි ද සිල්වා )

ද ගාඩියන්.


RECOMMEND POSTS