නව ආරක්ෂක ලේකම්වරයෙක්
බ්‍රිතාන්‍ය ආරක්ෂක ලෙකම් ධුරයට (ආරක්ෂක ඇමැති) විප් ගැවින් විලියම්සන් පත් කිරීමට අගමැතිනී තෙරේසා තීරණය කර ඇත.
ආරක්ෂක ලේකම් ධුරයට විලියම්සන් පත් කිරීමට අගමැතිනියට සිදුවූයේ එම ධුරයේ සිටි ශ්‍රීමත් මයිකල් ෆැලොන් ධුරයෙන් ඉවත්විමත් සමඟය.
පාර්ලිමේන්තුවේදී ලිංගික හිරිහැරයක් සිදු කළේ යැයි මයිකල් ෆැලොන්ට චෝදනා එල්ල විය. එය වසර ගණනාවකට කලින් සිදුවුණු සිදුවීමක් වූ නමුත් තමා ධුරයෙන් ඉවත් වන බව ෆැලොන් පැවැසීය.
(බී.බී.සී.)