දූරියන් උඩුගුවනට



ගගන මෙහෙයුම්වලදී, ගගනගාමීන්ට දූරියන් යැවීමේ වැඩසටහනක් ලබන ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට තායිලන්ත අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සූදානම් වෙයි.

දූරියන් දකුණු ආසියාවට ආවේණික පෝෂණය පිරි රස පලතුරකි. කෙසේ නමුත් එහි ඇති අසාමාන්‍ය සුවඳ, බොහෝ දෙනා පිළිකුල් කරයි. එය දුඟදක් ලෙස පිළිකුල් කරයි.

ගගනගාමීන්ට කොතරම් ගුණදායී වුවත්, රොකට්ටුවක ගගනගාමින් සමඟ දූරියන් රැගෙන යෑම ගැටළුවක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

විද්‍යාඥයන් දූරියන් අභ්‍යවකාශයට යවා, ඒවායේ වෙනස් වීම් සිදුවන්නේ නම්, ඒ කෙසේදැයි යන්න සොයා බලනු ඇති බව පැවැසෙයි. තායිලන්ත අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය මෙම අත්හදා බැලීම් කරනුයේ ඇමෙරිකාවේ නාසා ආයතනය සහ ඇමෙරිකන් සමාගමක් සමඟ එක් වෙමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS