ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න



පාකිස්තානයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළ යුතු යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පාකිස්තාන රජයට පවසා ඇත.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර බලා පැමිණියේය. එහිදී පාකිස්තාන අගමැති ෂහීද් කහ්කාන් අබ්බාසී ඇතුළු පාකිස්තාන රජයේ ඉහළ නිලාධාරීන් සහ ආරක්ඹක අංශ ප්‍රධානීන් හමුවී සාකච්චා පැවැත්වීය.

ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර හොඳ හිත දිගටම පවත්වා ගත යුතු බවත්, පාකිස්තානයේ ‘ත්‍රස්තවාදය’ ඊට බාධාවක් කර නොගත යුතු බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා, පාකිස්තාන අගමැති හමුවුණු අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

ට්‍රම්ප් පරිපාලනය චෝදනා කර ඇත්තේ ත්‍රස්තවාදය මර්දනය කිරීමට පාකිස්තාන රජය උදාසීන පිළිවෙතක් අනුගමනය කරන බවටය. මේ නිසා පාකිස්තානයට ලබා දෙන ආධාර කප්පාදු කිරීමට පවා ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS