තමිල්නාඩු සිනමාහල් වසා දැමේ



ඉන්දීය රජය විසින් හඳුන්වා දී ක්‍රියාත්මක කළ ජී.එස්.ටී. හෙවත් නව භාණ්ඩ සහ සේවා බද්දට විරෝධය දැක්වීමක් ලෙස දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිනමාහල් වසා දැමුණි.

සිනහාශාලා වසා දැමුණේ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් ආරම්භ කළ වැඩවර්ජනයකට සමගාමීවය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සිනමාහල් 1,100 ක් වසා දැමුණු බවය.

නව බදු ක්‍රමයට අනුව, සිනමා ශාලාවලට සියයට 18 ක බද්දක් සහ සියයට 30 ක නගරසභා බද්දක් ද ලෙවීමට සිදුවී ඇත. එය දැරිය නොහැකි මුදලක් බව සිනමාශාලා හිමියෝ කියති.

වැඩි කළ බදු මුදල් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව සිනමාහල් හිමියෝ පෙන්වා දෙති. ඉන්දීය රජය හඳුන්වා දී ක්‍රියාත්මක කළ නව බදු ක්‍රමයට එරෙහිව තමිල්නාඩු නළු නිළියෝ පවා විරෝධතාවල නියැලුණාහ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS