ඩකා අගනුවර සිසු විරෝධතා දිගටම



බංග්ලාදේශයේ ඩකා අගනුවර උසස් පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කරනු ලැබූ විරෝධතා ඊයේ (2) දිනයේ ද පැවැත්විණි.
විරෝධතා හේතුවෙන් ඩකා අගනුවර කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බව ද පැවැසෙයි.

කලහකාරීව විරෝධතා පෙළපාළි ගිය සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කළ බව ද වාර්තා වේ.

විරෝධතා පැවැත්වෙන්නේ බස් රියකට යටවීමෙන් යොවුන් සිසුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වීමේ සිදුවීමක් මුල්කොට ගනිමිනි.
මියගිය සිසුන් වෙනුවෙන් යුක්තිය ඉටු නොවුණු බවත්, මාර්ග ආරක්ෂාව උදෙසා නිසි පියවර ගන්නා ලෙසත් රජයට බල කරමින් මෙසේ විරෝධතා පැවැත්වෙන බංග්ලාදේශ පුවත් සේවා වාර්තා කරයි. මේ වනවිට ඩකා නුවර උසස් පාසල් සහ විශ්ව විද්‍යාල තාවකාලිකව වසා දමා ඇති බව ද වාර්තා වේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS