ට්‍රම්ප්-ටර්න්බුල් හමුවෙති
ඔස්ට්‍රේලියා අගමැති මයිකල් ටර්න්බුල් සහ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ඊයේ (5) ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්විණි.
පසුගිය පෙබරවාරියේ, සංක්‍රමණික අර්බුදය සම්බන්ධයන් දුරකතන ඔස්සේ බහින්බස් වී, විරසක වුණු ට්‍රම්ප් සහ ටර්න්බුල් මෙම හමුවෙන් පසු ‘ගජ මිතුරන්’ වුණැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
‘දෙරටේ සබඳතා ශක්තිමත් වුණා. මම ඔස්ට්‍රේලියාවට ආදරෙයි. ඒක කවදාවත් වෙනස් වුණේ නැහැ’ යැයි හමුවෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් ජනපති ට්‍රම්ප් පැවැසීය.
(ඒ.එෆ්.පී.)