ට්‍රම්ප් එන්න කීවොත් මම වොෂින්ටන් යනවා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තමන්ට ආරාධනා කරන්නේ නම් තමන් බොහොම කැමැත්තෙන් ඇමෙරිකාවට යෑමටත්, ද්වීපාර්ශ්වික සබඳතා තර කර ගැනීමට සාකච්ඡා පැවැත්වීමටත් සූදානම් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.

රුසියානු ජනාධිපති පුටින් මේ බව කියා සිටියේ, චීනයේ පැවැත්වුණු ෂැන්ග්හායි ආර්ථික සමුළුවට සහභාගී වෙමිනි. ඇමෙරිකා ජනාධිපති සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව සාර්ථක වෙන්නැයි ද පුටින් මෙහිදී ප්‍රාර්ථනාවක් කළේය.

‘කිම් ජොන් උන් හමුවීමෙන් පසු, ට්‍රම්ප් මට ඇරැයුම් කරාවි යැයි මම විශ්වාස කරනවා.’ රුසියානු ජනාධිති පුටින් මෙසේ පැවැසුවේ, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS