ට්‍රම්ප්ගේ තහනම ක්‍රියාවට නැංවෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් 6 ක වැසියන් සහ සංක්‍රමණිකයන් වෙනුවෙන් නිකුත් කළ සංචාරක තහනම ක්‍රියාවට නැංවිණි.
තහනම ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය පරිදිය. ට්‍රම්ප් පරිපාලනය මෙම සංචාරක තහනම ගෙන ඒමට උත්සාහ ගත්තේ මීට මාස පහකට පෙරය.
කෙසේ නමුත් ඇමෙරිකන් සිවිල් සංවිධාන ඊට එරෙහිව යෑම හේතුවෙන්, ට්‍රම්ප්ගේ සංචාරක තහනමට අධිකරණය හරස් විය.
ඒ අනුව, සංශෝධන සහිතව තහනම යළි ක්‍රියාත්මක කිරීමට නියමිත ට්‍රම්ප් පරිපාලනය උත්සාහ කළ ද එයට ද ඇමෙරිකන් සිවිල් සංවිධාන සහ අධිකරණය හරස් විය.
දීර්ඝ ‘නීතිමය ගැටුමකින්’ පසු ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය පරිදි ඉරනය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන මුස්ලිම් රටවල වැසියන්ට එරෙහි තහනම ක්‍රියාත්මක වෙන්නේ දින 90 ක කාලයක් සඳහාය. මෙම රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන්ට දින 120 ක තහනම් කාලයක් පනවා ඇත.
කෙසේ නමුත් පවුලේ ඉතා සමීපතමයන් සිටිනවා නම් ඔවුන් වෙනුවෙන් විශේෂයක් කරන බව ද ට්‍රම්ප් පරිපාලනය දැනුම් දී තිබේ.
(රොයිටර්)