ජොර්ජියාව අමෙරිකාව සමඟ යුද පුහුණුවක
රුසියානු රජයේ තර්ජන නොසලකමින් අමෙරිකාව සමඟ එක්වී යුද පෙරහුරුවක් පැවැත්වීමට ජෝර්ජියාව පසුගියදා කටයුතු කළේය.
ඒ සඳහා අමෙරිකාව ඇතුළු මිත්ර පාර්ශවීය රටවල සෙබලුන් 1700ක් පමණ එක්ව සිටියේය.
රුසියාව සමග ඇති වූ යුද්ධයේ 10වැනි සමරුව වෙනුවෙන් මේ යුද පෙරහුරුව සංවිධානය කර තිබුණි.
ඒ සඳහා ජෝර්ජියා සෙබලුන් 1300ක්, අමෙරිකානු සෙබලුන් 1170ක් සහ මිත්ර පාර්ශ්වික රටවල්වල තවත් සෙබලුන් 500ක් පමණ එක්ව සිටියා.
සිවුවැනි වරටත් පැවැත්වුණු යුද පෙරහුරුවේ සමාරම්භක උත්සවය සදහා එරට ජනාධිපති ජෝර්ජි මාර්ගලෙෂ්විලි ද එක්ව සිටියේය.
දකුණු ඔසෙටියා ප්රාන්තය සම්බන්ධයෙන් 2008 වසරේදී රුසියාව සහ ජෝර්ජියාව අතර ගැටුම් ආරම්භ වූ අතර මේ වන විට එම කලාපය පාලනය වන්නේ නිදහස් ප්රාන්තයක් ලෙසයි.
කෙසේ වෙතත් මේ පෙරහුරුව පැවැත්වීම මඟින් කලාපීය ආරක්ෂාවට තර්ජන එල්ල විය හැකි බව රුසියාව අනතුරු අඟවා තිබේ
( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි.