ජමාල් කශොග්ජී වීදිය
තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වුණු සෞදි මාධ්‍යවේදියකු මෙන්ම
ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශොග්ජී සිහි කරමින්, ඔහු වෙනුවෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර වීදියක් නම් කිරීමට යයි.
වීදිය නම් කිරීම සම්බන්ධයෙන් යෝජනා කර ඇත්තේ ප්‍රජා සංවිධාන මැදිහත් වෙමිනි. ඔවුන් ඒ බව නගර බලධාරීන්ට දන්වා ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
වොෂින්ටන් නගර බලධාරීන්ගේ අනුමැතිය මේ සඳහා අවශ්‍ය වන බවත්, අනුමැතිය ලැබීමෙන් පසු වීදිය ජමාල් කශොග්ජී වීදිය යනුවෙන් වීදිය නම් කෙරෙනු ඇති බවත් පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)