චීන ජනපති රුසියාවේ
චීන ජනාධිපති ෂී ජින් පින් රුසියාවේ මොස්කව් නුවරට පැමිණියේය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් චීන ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට රාජ්‍ය නායකයෝ දෙදෙනා සාකච්ඡා පැවැත්වූහ.
චීනය සහ රුසියාව අතර පවතින්නේ නොබිඳෙන මිතුදමක් බවත්, එම මිතුදමට පාදක වී ඇත්තේ දෙරට අතර පවතින විශ්වාසය බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චීන ජනාධිපති ජින් පින්ට පැවැසුවේය. එය අවිවාදයෙන් පිළිගන්නා බවට චීන ජනපතිවරයා පිළිතුරු දුන්නේය.
චීන ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාර පැවැත්විණි. මෙම වසරේ චීන ජනපති සහ රුසියන් ජනපති පුටින් එකිනෙකා හමුවුණු තෙවැනි අවස්ථාව මෙය වෙයි.
චීන ජනාධිපතිවරයා වෙනුවෙන් ක්‍රෙම්ලීනයේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. චීන ජනාධිපති සමඟ ඔහුගේ බිරිඳ පෙන්ග් ලියුවාන් ද මෙම සංචාරයට එක් වී සිටින්නීය. දෙදින මොස්කව් සංචාරයෙන් පසු, චීන ජනාධිපතිවරයා ජර්මනියේ හැම්බර්ග් බලා යෑමට නියමිතය. ඒ, හැම්බර්ග් නුවර පැවැත්වෙන ජී20 රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමේ අරමුණ ඇතිවය.
(රොයිටර්)