චීනයේ හිටියත් ට්‍රම්ප්ට ට්විටර් පුළුවන්
චීනයේ සිටිය ද ට්විටර් සමාජ ජාල ගිණුම ඔස්සේ සුපුරුදු පරිදි අදහස් පළ කරමින්, ඡායාරූප එක් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට හැකියාව ලැබී ඇති බවත්, එසේ හැකියාව ලැබී ඇත්තේ ජනපති නිල ගුවන් යානය වන ‘එයාර් ෆෝස් 1’ යානයේ ඇති අති නවීන සන්නිවේදක පද්ධතියේ ආධාර ඇතිව බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
බටහිර සමාජ ජාල සේවා වන ට්විටර් ෆේස්බුක් ආදිය චීනයේ තහනම් කර ඇත. චීන වැසියන් වෙනුවෙන් චීන රජය සහ එරට සන්නිවේදන අංශ එක් වී, වෙනම සමාජ ජාල සේව නිර්මාණය කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ඔහුට රිසි පරිදි, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නේ සිය ටිවිටර් ගිණුම ඔස්සේය. චීනයට ගිය ද, සිය නිල ගුවන් යානයේ ආධාරයෙන් ට්‍රම්ප්ට කිසිදු බාධාවකින් තොරව ට්විටර් ගිණුම පරිශීලනය චීන ජනාධිපති ෂී ජින්පින් ට ප්‍රසංශා කිරීමට ද අමතක නොකළේය.
චීන ජනපතිවරයාත් ආර්යාවත් එක් වී ට්‍රම්ප් සහ බිරිය මෙලානියා පිළිගත්තේ ඉතා උණුසුම් අයුරිනි. ඒ ගැන ලොකු පැහැදීමකින් අදහස් දක්වා සිටීමට ද ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේ කටයුතු කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
(ඒ.එෆ්.පී.)