ගෘහ සේවිකාව ඉඹලා
දකුණු කොරියාවේ නිල සංචාරයක් අතරතුරේ, එරට සිටින පිලිපීන ගෘහ සේවිකාවන් පිරිසක් හමුවී, එහි සිටි එක් ගෘහ සේවිකාවක ප්‍රසිද්ධියේ සිප ගැනීම සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට්ස්ට කාන්තා අයිතීන් සුරැකීමේ සංවිධානවලින් දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.
බොහෝ පිලිපීන වැසියන් එය විනෝදයට කළ විහිළුවක් ලෙස සැලකුවත්, පිලිපීනයේ පමණක් නොව ජාත්‍යන්තරයේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් පිලිපීන ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව හෙලා දැක ඇත.
73 හැවිරිදි ජනාධිපතිවරයා මෙසේ ගෘහ සේවිකාවකගේ මුව සිප ගත්තේ දකුණු කොරියාවේ සොල් නුවර පැවැත්වුණු විශේෂ උත්සවයකදීය. දකුණු කොරියාවේ පිලිපීන ගෘහ සේවිකාවෝ එම උත්සවයට සහභාගී වූහ.
සහභාගී වුණු එම පිරිසට ප්‍රසංශා කරමින්, ඔවුන්ගේ ගුණ වැයීමට පිලිපීන ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය. ඔහු සිප ගත්තේ, පිරිස අතරේ සිටි තරුණ ගෘහ සේවිකාවක වේදිකාවට කැඳවමිනි. පිලිපීන ජනාධිපති ඩුටරේට්ස්, ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ නිරන්තරයෙන් සිදු කරයි.
(ඒ.එෆ්.පී.)