ගුජරාටයේ ප්‍රතිපල නිකුත් කිරීම හෙට



ඉන්දීය අගමැතිගේ ගම් පළාත මෙන්ම, ඔහුගේ බල කඳවුර ද වන ගුජරාට ප්‍රාන්තයේ ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම හෙට දිනයේ සිදු වෙයි.

දේශපාලන විශ්ලේෂකයන් පමණක් නොව, සමීක්ෂණ සිදු කළ මාධ්‍ය ආයතන පවා අනාවැකි පළ කර ඇත්තේ මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට මෙම මැතිවරණය පහසුවෙන් ජය ගැනීමට හැකිවනු ඇති බවය.

ගුජරාට මැතිවරණය පැවැත් වූයේ අදිරය දෙකකිනි. දෙවැනි අදියර ආරම්භ වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (14) ය. මෝදි සිය ඡන්දය ප්‍රකාශ කළේ එම අවස්ථාවේදීය.

ගුජරාට මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂ දෙකකි. ඡන්ද සටන පැවැත්වෙන්නේ, මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ‘ඉන්දීය ජාතික කොංග්‍රසය අතරේය.

නරේන්ද්‍ර මෝදි 2014 වසරේ මහ මැතිවරණයෙන් පසු ඉන්දීය අගමැති ධුරයට පත් වීමට පෙර, ගුජරාටයේ මහ ඇමැති ලෙස දීර්ඝ කාලයක් එම ධුරය හෙබවීය. පසුගිය කාලය පුරාවට ද ගුජරාටයේ පැවැතියේ ජනතා පක්ෂ රජයකි. මෝදිගෙන් පසු මහ ඇමැති ලෙස කටයුතු කරන්නේ විජය රූපානිය.

ආසන 182 කින් සමන්විත ගුජරාටයේ ප්‍රාන්ත සභා මැතිවරණය පැවැත්වෙන්නේ 14 වැනි වරටය. මැතිවරණයේ පළමු අදියර පසුගිය 9 වැනිදා ආරම්භ විය.

ගුජරාට මැතිවරණයේ දී විපක්ෂ කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන්නේ කොංග්‍රස් නායක අමිත් ෂා ය. මෝදිගේ බලය බිඳීමට ෂා උත්සාහ ගන්නා බව පැවැසෙයි. කෙසේ නමුත් එය ඔහුට විශාල අභියෝගයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. භාරතීය ජනතා පක්ෂය පහසුවෙන් ජය ගැනීවි යැයි බොහෝ දෙනාගේ අදහස වී තිබුණ ද එය එසේ නොවන බවත්, මෙවර මැතිනරණයේ දී ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකියාවක් නොලැබෙනු ඇති බවත් එම පක්ෂයේම, රාජ්සභා සාමාජික සංජේ කකාඬේ පවසා ඇත.

‘පසුගිය කාලයේ ගුජරාට ප්‍රාන්තයේ අප පක්ෂයේ ජනප්‍රියත්වය දිනෙන් දින පහළ වැටුණා. මේ වතාවේ බහුතර බලයකින් ජයග්‍රහණය කරන්න හැකිවේවි යැයි සිතන්න බැහැ. කෙසේ නමුත් කොංග්‍රස් පක්ෂයට බහුතර බලය දිනා ගැනීමටට හැකිවේවි’ යැයි සංජේ කකාඬේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS