කම්මැලිකමට ලියුම් බෙදලා නෑ
ඉන්දියාවේ ඔරිස්සා ප්රාන්තයේ ඔඩන්ගා ගම්මානයේ තැපැල්කරුවකු 2004 වසරේ සිට මේ දක්වා සිය රාජකාරි හරිහැටි කර නොමැති බවත්, ලියුම් 6,000 කට වැඩි ප්රමාණයක් බෙදා හැර නොමැති බවත් අනාවරණය වී ඇත.
ජග්නාත් පුහාන් නමැති මෙම තැපැල්කරු මෙසේ රාජකාරි හරිහැටි කර නැත්තේ කම්මැලිකම නිසා යැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
ජග්නාත් පුහාන් බෙදා නොහරින ලද ලිපි ගෝනිවල දමා සිය නිවස පිටුපස සඟවා ඇති අතර, නිවස පිටුපස සෙල්ලම් කරමින් සිටි දරුවන් පිරකට එම ලිපි ගෝනි හමුවී ඇත.
කම්මැලියකු වුවත් ජග්නාත් පුහාන් ලියාපදිංචි තැපෑලෙන් පැමිණෙන ලිපි නියමිත වේලාවට බෙදා හැරීම කර ඇති බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)