කතුන් 125 දූෂණය කරලා



දකුණුදිග සුඩානයේ බෙන්ටි නගරයට උතුරු දෙසින් පිහිටි නගරයක කාන්තාවන් 125 දෙනෙක නාඳුනන තුවක්කුකරුවන් දූෂණය කර ඇති බව වාර්තා වේ.

වසරක පහකට (5)වැඩි කාලයක් තිස්සේ පවතින සිවිල් යුධ ගැටුම් හේතුවෙන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වීඇති අතර නාඳුන පුද්ගලයන් සිදුකරන අපරාධ හේතුවෙන් මහත් පීඩාවක් විදීමට සාමාන්‍ය ජනතාවට සිදු වී ඇත. 

කාන්තාවන් දූෂණය කිරීමට පෙර අමානුෂික ආකාරයෙන් පහර දී ඇති අතර දූෂණය කිරීමෙන් පසු ඔවුන් සතුව තිබු සියළුම දේවල් තුවක්කුකරුවන් සොරා ගෙන පලා ගොස් ඇති බව වාර්තා වේ.

දූෂණයට ලක් වු කාන්තාවන් අතර වයස අවුරුදු 10ට අඩු ගැහැණු දරුවන්, 65ට වැඩි මහළු කාන්තාවන් සහ ගර්භනී කාන්තාවන්ද වන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS