උතුරු කොරියා නායකයාගේ කැරැට්ටුව ට්‍රම්ප් කියයි



උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සුළුවෙන් තැකිය හැකි චරිතයක් නොවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අවස්ථාවක් උදා වුවහොත් තමා උතුරු කොරියානු නායකයා හමුවීමට සූදානමින් පසුවන බවත් එසේ හමුවන්න ඉඩ ලැබුණොත් එය තමන්ට ලැබෙන ගෞරවයක් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටී.

එරට එන්.බී.සී සහ බ්ලූම්බර්ග් පුවත් නාළිකා  සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තරුණ වයසේදි බලයට පත් වූ නිසා කිම් ජොන් උන්ගේ මානසික තත්ත්වය කෙසේදැයි පැවැසීම අසීරු බවය.

 තිළිණි ද සිල්වා


RECOMMEND POSTS