උතුරු කොරියාව එක්ක කතා කරලා වැඩක් නෑ
හිතුවක්කාර අන්දමින්, දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සිදු කරන උතුරු කොරියාව සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසදුම් සෙවීම කළ නොහැකි යැයි ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පැහැදිලි කරයි.
මේ බව පළමුවෙන් කියා සිටියේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ය. කෙසේ නමුත් එම අවස්ථාවේදී මැටිස් ඊට විරෝධය පළ කළේය.
ඔහු දිගින් දිගටම කීවේ උතුරු කොරියාව සමඟ සාකච්ඡා කර අර්බුදය විසඳා ගැනීම කළ යුතුයි කියාය. කෙසේ නමුත් දැන් මැටිස් ද සිය තීරණය වෙනස් වී ඇත.
(රොයිටර්)